අල්ලේ හැඩය අනුව ඔබේ ගතිගුණ මනින හැටි.

By Wayomi Aug 30, 2022 10:26 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දේහ ලක්ෂණ විද්‍යාව කියන්නේ ඉස්සර ඉඳන්ම පැවත එන තවමත් පවතින විද්‍යාවක්. සමහරු මේවා විශ්වාස නොකළද? බොහෝ දෙනෙකුගේ විශ්වාස කරන්නේ මෙම දේහ ලක්ෂණ විද්‍යාව තුළ සත්‍යතාවයක් තියෙන බවයි.

හැමෝම දන්න කරුණක් තමයි, අපගේ ශරීරය ගොඩනැගී ඇත්තේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන පදාර්ථයන්ගෙන්. ඒ අනුව හස්ත රේඛා ශාස්ත්‍රයේද මෙම පදාර්ථයන්ගෙන් සෑදුණු මිනිසාගේ ගති ලක්ෂණ හඳුනා ගැනීමට , වැඩි කැමැත්තක් දක්වනවා. ඉතින් මේ බලන්න යන්නේ ඔබේ අල්ලේ හැඩය අනුව ඔබේ ගතිගුණ මොන වගේද කියලා.

ආපෝ ධාතුවට අයත් අල්ල ( ඍජුකෝණාස්‍ර හැඩය )

✋ මොවුන්ගේ ඇඟිලි දිගයි.

✋ සාමාන්‍යයෙන් මෙම අල්ලේ සියුම් රේඛා විශාල ප්‍රමාණයක් දැකිය හැකියි.

✋ මොවුන්ට සහජ බුද්ධියක් උපතින්ම ලැබී ඇත.

✋ මොවුන් ඉතාමත් සංවේදී අය වන අතර අනුන්ගේ සිතිවිලි හා හැගීම් මනාව අවබෝධ කරගැනීමේ හැකියාවක් ඇති අතර එමගින් පීඩාවට පත්වන ආකාරය දැකිය හැකියි.

✋ එමෙන්ම නිතරම සිහින ලෝකවල ජීවත්වන මොවුන්ගේ සිහින බිදවැටීමද සුලභ අතර නිර්මාණාත්මක හැකියාවන්ද පවතිනවා.


තේජෝ ධාතුවට අයත් අල්ල ( සෘජුකොණාස්‍ර හැඩය )

✋ මෙම අල්ලේ දිග පළලට වඩා වැඩි වෙයි.

✋ මොවුන්ගේ ඇගිලි කොටයි .

✋ මොවුන් ඉතාමත් කාර්ය යබහුල ශක්තිමත් පුද්ගලයන් වෙනවා .

✋ නිතරම කුමක් හෝ කාර්යයක යෙදෙයි. නිකරුණේ කාලය ගෙවීමට කැමති නැත.

✋ මොවුන් ඉතාමත් බුද්ධිමත් මෙන්ම සමාජශීලි කටයුතු වලටද සක්‍රියව දායක වෙනවා.

✋ මොවුන්ට ඕනෑම කටයුත්තක් පහසුවෙන් සංවිධානය කරගැනීමට හැකියාවක් ඇත.

✋ නමුත් සමහර වෙලාවට ආවේගශීලි කටයුතු කරනු දැකිය හැකියි.

✋ ඔවුන් සතු සියලුම දැනුම හා සම්පත් යොදා කටයුතු කළද ,සමහර වෙලාවට කාර්යයක් අතරතුරදී එමගින් තමාට කරදර වීමටද සිදුවෙයි.


වායෝ ධාතුවට අයත් අල්ල (හතරැස් හැඩය)

✋ මෙය පඨවි අත්ලෙන් වෙනස් වන්නේ ඇගිලි දිග නිසාය.

✋ ඔබටත් වායෝ අත්ලක් තිබේ නම් ඔබ බුද්ධිමත් කෙනෙක්.

✋ එමෙන්ම ඔබට ඔබේ අදහස් හොඳින් ප්‍රකාශ කිරීමේ හා සන්නිවේදනය කිරීමේ හැකියාවක් ඇත.

✋ ඕනෑම දෙයක් පිලිබඳව දීර්ඝව සොයාබැලීමේ හැකියාව සහ උනන්දුව පවතී.

✋ ඉගෙනීමේ කටයුතු වලට ඉතා දක්ෂය.

✋ නිතරම තම බුද්ධියට යමක් එක්කර ගැනීමට සිතයි.

✋ එනමුත් මොවුන්ගේ මනස නිතර නිතර වෙනත් පැති වලට ගමන් කරයි.

✋ මොවුන්ගේ හැගීම් අවබෝධ කරගැනිමට අපහසුය.

✋ ඉතා ඉක්මනින් වැටහෙන නුවණක් ඇති නිසා අන් අයට වැටහීමට ප්‍රමාද වන විට කේන්ති යන ස්වරූපයක් දැකිය හැකියි.


පඨවි ධාතුවට අයත් අල්ල (හතරැස් හැඩය)

✋ මෙම ධාතුවට අයත් අල්ල හදුනා ගන්නේ එහි විශේෂ හැඩය අනුවයි.

✋ එනම් අල්ලේ දිග හා පළළ එක සමානව පිහිටා තිබීමයි.

✋ එමෙන්ම ඇගිලි අල්ලේ දිගට වඩා කොටයි.

✋ සාමාන්‍යයෙන් මොවුන්ගේ අත්ලේ රේඛා කීපයක් පමණක් දැකිය හැකියි.

✋ මොවුන් සමාජයේ අන් පුත්ගලයන්ට වඩා ප්‍රායෝගික පුත්ගලයන් වෙයි.

✋ එමෙන්ම ලෞකික සැප සම්පත් කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වයි.ඒවා හොදින් ඉටුකර ගැනීමට සැදී පැහැදී කටයුතු කරයි.

✋ මොවුන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමට හැකි අතර මොවුන් ශරීර ශක්තියෙන් යුක්තයි.

✋ මොවුන්ට සාමාන්‍යයෙන් වීරයෙක් වීමේ හෝ කැපී පෙනීමේ ආශාවක් නැත.

✋ සමහරක් විට මොවුන් තද හිතුවක්කාරයෙකුද විය හැකියි.

✋ මොවුන් සෑම විටම ආරක්ෂාකාරී ප්‍රතිපත්ති අනුගමනය කරයි.

✋ අණ පිළිපැදීමට කැමැත්තක් දක්වයි.

✋එකම දෙයක් දීර්ඝකාලීනව කරගෙන යාමට හැකියාවක් ඇත.  


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW