මැතිසබයේ මාලු හොද්ද රස පරීක්ෂකට යවයි..?

Parliament of Sri Lanka Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Sep 24, 2022 02:01 PM GMT
Report

ආහාර විස වීමට තුඩු දුන් බව පැවසෙන පාර්ලිමේන්තුවේ මාළු හොද්දේ මාළු කෑලි කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයාට යවා ඇතැයි වාර්තා වේ. ආහාර විස වීමට හේතුව සොයා ගැනීම සඳහා එම මාළු කෑලි රජයේ රස පරීක්ෂක වරයාට මෙසේ යැවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තුවේ දිවා ආහාරය සමග මාළු ආහාරයට ගැනීමෙන් අනතුරුව එහි පොලීසියේ නිලධාරීහු දෙදෙනෙක් දැඩි ලෙස රෝගාතුර වීමෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඉකුත් 22 වැනිදා ඇතුළත් කරනු ලැබූහ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියෝගයෙන් විශේෂ පරීක්ෂණයක් දැනටමත් ආරම්භවී ඇත.ඒ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සෙනරත් මහතා කළ පැමිණිල්ලක් අනුවය.

සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණය වීමෙන් පසුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහි භෝජනාගාර අංශයේ නිලධාරීන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයිද වාර්තා වේ.(මුලාශ්‍ර - ලංකාදීප)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now