තියුණු තරගයකින් අනතුරුව පාකිස්තානුවන් අවසන් මහා තරඟයට..! අද තරගයට සිදු වූ දේ..

Cricket New Zealand Cricket Team Pakistan national cricket team
By Sewvandhi Nov 09, 2022 11:27 AM GMT
Report

2022 ලෝක කුසලාන T20 තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද දිනයේ නවසීලන්තය හා පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙනවා.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් ම පන්දුවට පහරදීමට පහරදීමට තීරණය කරනවා. ඒ අනුව ඔවුන් පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 152 ක් රැස් කර ගත්තා .

නවසීලන්තය වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නියැලුණු Daryl Mitchell ලකුණු 53ක් රැස්කළේය.

පන්දුවාර කදී ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3ක් ඇතුළත් විය. නවසීලන්ත නායක කේන් විලියම්සන් ලකුණු 46ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි පකිස්ථානුවන් කඩුලු 3ක් දැවි ලකුණු 153 රැස් කර ගත්තා .

ඒ අනුව,පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය සමත් විය.

ඒ නවසීලන්තයට එරෙහිව අද (09) පැවැති තරගයේ කඩුලු 07කින් ජය ගනිමිනි. එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 152ක් රැස් කළේය.

ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් පන්දුවාර 19යි 01ක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now