Pain Killers නැතුව නින්ද යන්නේ නැද්ද ?
පොඩි වේදනාවක් ආවත් වේදනා නාශක එහෙමත් නැත්නම් Painkillers භාවිතා කරන්න ගොඩක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නවා. ඇත්තටම ඒ වැඩේ හොඳ දෙයක් නම් නෙමෙයි.
ආතරයිටීස්, මස් පිඩු වේදනාව සඳහා Aspirin, ibuprofen වගේ වේදනා නාශක ඖෂධ නිරන්තර භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි නින්ද යන්නේ නැත්නම් නිදිපෙති ගන්නවා, ලාවට ඔලුවේ කැක්කුමක් හැදුණත්, කිඹුහුමක් දෙකක් ගියත් piriton, panadol වගේ Painkillers ගන්නවා. හැබැයි අනවශ්‍ය විදිහට Painkillers ගන්න ගියොත් ඔබට අතුරු ආබාධ වගේම නැති ලෙඩ හැදෙන්න පුළුවන් බව මතක තියාගන්න.
Painkillers නිසා ඇති විය හැකි අතුරු ආබාධ
🩺 අමාශය සහ බඩවැල් ආශ්‍රිත රුධිර වහනය.
🩺 අධි රුධිර පීඩනය.
🩺 සිරුර අභ්‍යන්තර තුවාල, ලේ ගැලීම් සහ හෘදයාබාධ ඇති විය හැකියි.
🩺 සිරුරේ සමබරතාවය නැති වී යාම.
🩺 මතකය දුර්වල වීම.
🩺 අධික නිදිමත.
🩺 අලස බව සහ නිතර ඇද වැටීම.
# ඔබ ඕනෑම ලෙඩකට ලබාගන්න Painkillers වෛද්‍ය උපදෙස් මත පමණක් ගන්න වග බලාගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |