"අප්‍රේල් 25 ඡන්දය තියන්න වෙන්නේ නැහැ." - පැෆ්රල් සංවිධානයෙන් විශේෂ හෙළිදරවුවක්.

Government Of Sri Lanka Sri Lankan local elections 2023
By Wayomi Mar 16, 2023 09:24 AM GMT
Report

මේ වන විට පවතින තත්ත්වය තුළ අප්‍රේල් 25 පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ, අධිකරණ නියෝග පවා නොසලකමින් රජය කටයුතු කරමින් සිටින බවයි.

"මේ වනවිට පවතින තත්ත්වය අනුව පැහැදිලියි.. අප්‍රේල් මාසයේ 25 වනදා වනවිට පළාත් පාලන ඡන්දෙ පැවැත්වීමට ඉඩකඩක් පෙනෙන්නට නැහැ.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණය විසින් ලබාදීපු තීන්දු විවේචනයට ලක්කරන තත්ත්වයකට රට පත්වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණයේ නියෝග නොසලකන තත්ත්වයකට පාලකයන් පත්වෙලා.

නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආණ්ඩුවක් පිළිගන්නවා ද? නැද්ද? කියන කාරණය තමයි තීරණාත්මකව වැදගත් වෙන්නේ.

ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කරන්න ඉඩකඩ ලබාදුන්නේ නැත්නම් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරව තමන්ගේ අයිතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව වගකිව යුතුයි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්