වී අලෙවි මණ්ඩලයට නොදෙන වී.

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Wayomi Aug 10, 2023 11:23 AM GMT
Report

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ වී අලෙවි මණ්ඩලයට ගොවින් වී අලෙවි නොකරන තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

මේ වන විට වී අලෙවි මණ්ඩලය මගින්  වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර ඇති අතර ගොවි භාරකාර අරමුදලෙන් සියයට අටක පොලියක් යටතේ රුපියල් මිලියන 500ක්  ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ,මේ යටතේ වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කළ අතර, අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව වී අලෙවි මණ්ඩලය විසින් ණය පදනම යටතේ ලබාගත් මුදල වී අලෙවි කර ගෙවීමට කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය පසුගිය වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය බැංකුවලින් ගත් ණය මුදල අනුව තවත් රුපියල් මිලියන 24,000ක මුදලක් ගෙවීමට තිබෙනවා.