විදුලි සෝපානයක් කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙක් මියයයි.(PHOTOS)

Hambantota Sri Lanka Politician Ministry of Health Sri Lanka Accident Death
By Aruna Jun 26, 2023 05:20 AM GMT
Report

විදුලි සෝපානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් හිටපු සෞඛ්‍ය ඇමති වරයකු මියගොස් තිබෙන බව වාර්තා වනවා.

හම්බන්තොට සිරිබෝපුර පදිංචිව සිටි 89 හැවිරිදි වෛද්‍ය පී .එන්. බී .සිරිල් මහතා මෙලෙස මියගොස් තිබෙන බවයි හම්බන්තොට පොලීසිය කියා සිටියේ.

සිරිබෝපුර ඔහුගේ නිවසේ තුන්වැනි මහලේ අලුත්වැඩියා කටයුතු සඳහා පිටතින් ඉදිකර තිබූ විදුලි සෝපානය ආධාරයෙන් සිය රියදුරු සමගින් ගමන් කරමින් සිටියදී සෝපානය කඩා වැටී තිබෙන බවයි පැවසෙන්නේ.

බිමට වැටීමෙන් තුවාල ලැබූ රියදුරු සහ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මියගොස් තිබෙනවා.

GalleryGalleryGalleryGallery