නිකරුණේ ලෙඩ නොවී Overthinking Limit කරන හොඳම විධි මෙන්න.
Overthinking කියන්නේ ඇත්තතම හොඳ දෙයක් වුණත් ඒක කරුමයක් වන අවස්ථා ඕන තරම් තියෙනවා. විෂයානුබද්ධව සමහර සිදුවීම් සහ අවස්ථා වලදී Overthinkingබ අපට අත්‍යවශ්‍යයි. නමුත් එලෙස ඕනෑවට වඩා සිතීම මඟින් බොහෝ වේලාවට විෂාදය, කාංසාව, ආතතිය වැනි මානසික රෝග වලට පවා ගොදුරු වෙන්න පුළුවන්. ඒ වගේම Overthinking ඔබගේ කාලයත්, ශක්තියත්, තීරණ ගැනීමේ හැකියාවත් විනාශ කරලා දානවා.
ඔබ ඕනෑවට වඩා සිතන බව පෙන්නුම් කරන ලක්ෂණ
😉 ඔබ අපහසුතාවට පත් වූ අවස්ථා ඔබට නැවත නැවතත් මතක්වීම.
😉 දිගින් දිගටම එකම දේ ගැන සිතීම නිසා රාත්රියේදී ඔබට නින්ද නොයෑම වැනි අපහසුතා.
😉 ඔබ වෙනත් අය සමඟ කළ සංවාද වලදී ඔබට කීමට බැරි වූ දේවල් ගැන සිත සිතා දුක් වීම.
😉 ඔබ වෙනත් අය සමඟ කතා බහේදී ඔවුන් කී වචන වල සැගැවුණු අර්ථ හෝ සිදූ දේ නැවත සිතින් මවාගෙන, ඒ ගැන දිගින් දිගටම සිතීම.
😉 ඔබ නිතරම ඔබේ වැරදි හා අතපසුවීම් ගැන සිතමින් කණස්සල්ලට පත් වීම.
😉 කවරෙකු හෝ ඔබ අකමැති දෙයක් පැවසූ විට හෝ කළ විට, ඔබ එය නැවත නැවතත් මෙනෙහි කරමින් සිටීම.
😉 සමහර විට ඔබ අවට සිදුවන දේ ගැන ඔබට වැටහීමක් නැහැ. මොකද ඔබ අතීතයේ සිදු වූ දේවල් ගැන පසුතැවෙමින් හෝ අනාගතයේදී සිදුවිය හැකි දේවල් ගැන සිතමින් කරදර වීම.
😉 ඔබට පාලනය කල නොහැකි දේවල් ගැන සිතමින් බොහෝ කාලයක් ගත කිරීම.
😉 ඔබට අසහනකාරී හෝ කණස්සලු සහගත සිතිවිලි මනසින් ඉවත් කර ගැනීමට නොහැකි වීම.
Overthinking පාලනය කරගන්නේ කොහොමද?
😉 ඔබේ සිතිවිලි ගැන දැනුවත් වන්න. ඔබ වුවමනාවට වඩා සිතනවාද යන්න ගැන ඔබම දැනුවත් වන්න. ඔබේ මනසින්ම එය පාලනය කරන්න උත්සහ කරන්න. හැමවෙලේම ධනාත්මකව සහ සරලව හැම දෙයක් දෙස බලන්න.
😉 එහෙම වුනොත් මොනවා වෙයිද කියා නිතරම සිතීමෙන් වළකින්න. ඔබට අනාගතය ගැන සැලසුමක් තිබීම හොඳ දෙයක්. නමුත් කිසිදාක සිදු නොවූ දේවල් ගැන සිතමින් බිය වීම නිෂ්ඵල ක්‍රියාවකි.
😉 ඔබේ සිතිවිලි වෙනත් පැත්තකට යොමු කරන්න. එනම් ඔබ යමක් ගැන වුවමනාවට වඩා සිතනවා යයි ඔබට තේරුම් යන පළමු අවස්ථාවේදීම, වෙන දෙයක් ගැන සිතන්න. නැතිනම් ඔබට සතුට ගෙනදෙන දෙයක් කරන්න.
😉 හැමවෙලේම යථාර්ථවාදී වන්න. වුවමනාවට වඩා සිතීම නිසා සුළු සුළු දේවල් වඩා විශාලව හා සෘණාත්මකව පෙනෙන්නට පටන් ගන්නවා. ඒ වගේම ඔබට කිසිදාක කළ නොහැකි හෝ ලබාගත නොහැකි දේවල් ගැන සිතමින් දුක් වන්න එපා.
😉 සර්ව සම්පූර්ණ කෙනෙකු වීමට හෝ පරිපූර්ණ දේ කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න. අඩු පාඩු නැති සර්ව සම්පූර්ණ මිනිසුන් ලෝකයේ කොහේවත් නැති බව තේරුම් ගන්න. ඒ වගේම යමක් කිරීමේදීත් ඒ දේ පරිපූර්ණව කිරීමට උත්සාහ කරන්න එපා. මොකද ඔබට අවසානයේ සිදු වන්නේ දුක් වීම පමණයි.
😉 දෙයක් වෙන්න කලින් ඒ ගැන අනවශ්‍ය විදිහට හිතලා බිය වන්න එපා. විශේෂයෙන්ම ඔබට අතීතයේදී අසාර්ථක වූ යමක් අනාගතයේදී ද කළ නොහැකියැයි සිතා බිය නොවන්න.
😉 ඔබ හැරගිය පෙම්වතා හෝ අහිමි වූ රැකියා අවස්ථාව ගැන පසුතැවෙන්න එපා. කාලයට ඉඩ දෙන්න. කාලයත් සමඟම බොහෝ ප්‍රශ්න ඔබ නොසිතූ ආකාරයෙන් විසඳෙනු ඇති.
😉 වුවමනාවට වඩා සිතීම ආරම්භ වන එක් අවස්ථාවක් නම්, අප හැමදේම පාලනය කිරීමට උත්සාහ කිරීමයි. පාලනය කළ හැකි දේවල් තිබුණත්, ඔබට අවශ්‍ය විදහට අනාගතය හෝ ලෝකය පාලනය කළ නොහැකි බව වටහා ගන්න. ඔබ නොසිතූ දේ විය හැකියි. ඒ නිසා අනාගතය ගැන පසුතැවිලි වීම නතර කරන්න. ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානම් වන්න.
😉 සුව නින්දක් ලබා ගන්න. යලිත් අවදිවන විට වඩා ධානාත්මක සිතිවිලි සමඟ ඔබේ කටයුතු හොඳින් සිදු කිරීමට හැකියි. අඩු නින්ද වුවමනාවට වඩා සිතීමට, සිතෙහි අසහනකාරී, පීඩාකාරී හා සෘණාත්මක සිතිවිලි ඇති වීමට බලපානවා.
😉 ව්‍යායාම කරන්න. ව්‍යායාම කිරීමේදී මොළයට රුධිරය සැපයුම වැඩිවන අතර, වුවමනාවට වඩා සිතීම නිසා ඇතිවන ආතතියෙන් මිදෙන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |