විනයක් නැත්නම් වැඩක් නෑ. මෙවැනි අය ප්‍රතික්ෂේප කරන්න ඕනි .. ඕශදි දුෂේනි ගැන කියූ කතාවා.
දුෂේනි මේ වෙද්දි සමාජ මාධ්‍යයේ බොහෝ දෙනා අතර කතා බහට ලක්වෙන කෙනෙක් වෙලා.
ඒ ඇය මායාවි ටෙලිනාට්‍ය අත්හැරි බවට වන දේ නිසා. එමෙන්ම ඇය මීට පෙරත් ටෙලිනාට්‍ය දෙකකටත් මෙලෙසම සිදුකළ බව පවසමින් වෙනත් නිශ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් සටහන් පළ කර තිබුණා.
කොහොම වුණත් මේ වන විට එම සිද්ධීන් නිසා දුශේනි පිළිබදව රංගන ශිල්පීන් ශිල්පිනියන් පවා අදහස් දක්වන ආකාරය පෙනී යනවා.
මේ දේට හේතුව ඇගේ පෙම්වතා බව තමයි එක් අධ්‍යක්ෂවරයෙක් සදහන් කරලා තිබුණේ. ඒ වගෙම මේ වන විට තවත් ප්‍රවීණ නිළියක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා.
තරුණ රංගන ශිල්පිනියන් අතර මම බොහොම ප්‍රිය කරන රංගන ශිල්පිනියන් අතර කෙනෙක්..
නමුත් ක්ෂේත්‍රයේ අවුරුදු 21 ක අත් දැකීම් අනුව, දිගින් දිගටම කා අතින් හෝ මෙවැනි වැරදි සිදුවේ නම්, ක්ෂේත්‍රයේ අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන් ඇතුළු වගකිව යුත්තන් සියල්ලම ඉදිරියේදිවත්, මෙවැනි අය නිර්මාණයකට සම්බන්ධ කර නොගන්නට තීරණය කළ යුතුයි.. වෘත්තිමයභාවය යනු විහිළුවක් නොවන බවත්, කලා ක්ෂේත්‍රය තුළ විනයක් සහිතව කටයුතු කළ යුතු බවත් මින් ඉදිරියට එන පරම්පරාව හෝ ඉන් පාඩමක් ඉගෙන ගනීවි…