ඔස්කාර් උලෙළේ සම්මාන බෙදී ගියහැටි මෙන්න - එකම චිත්‍රපටයට සම්මාන රැසක් ..ප්‍රථම වරට ඉන්දීය ගිතයකටත් සම්මාන - (PHOTOS)

Oscars
By Sewvandhi Mar 13, 2023 11:44 AM GMT
Report

 අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබේ.

මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ Brendan Fraser විසින්. ඔහුට එම සම්මානය හිමි වූයේ The Whale චිත්‍රපටයට කළ රංගනය උදෙසා යි.

හොඳම නළුවා සඳහා නිර්දිශ්ට නාම අතරට Michelle Williams- The Fabelmans, Andrea Riseborough- To Leslie, Ana de Armas Blonde Cate Blanchett- Tar නම් වී තිබුණා.

වසරේ හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේ Everything Everywhere All at Once චිත්‍රපටය වෙනුවෙන් සිය රංගන කුසලතාව උපරිමයෙන් ම ප්‍රදර්ශනය කළ Michelle Yeoh විසින්.

හොඳම සහාය නළුවාට හිමි සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටයේ රඟ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් හිමි කරගත්තේ චීන ජාතික නළුවෙකු වන Ke Huy Quan විසින්.

හොඳම සහාය නළුවාට හිමි සම්මානය කී හේ ක්වෑන් දිනාගනිද්දී ඊට නිර්දේශ වූ නාම අතර Brendan Gleeson - The Banshees of Inisherin, Brian Tyree Henry - Causeway, Judd Hirsch - The Fabelmans සහ Barry Keoghan - The Banshees of Inisherin යන දක්ෂයින් ඊට ඇතුළත් වුණා.

Everything Everywhere All at Once සිනමා පටය සඳහා මෙවර ඔස්කාර් හි දී වසරේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද හිමිවීම විශේෂත්වයක්. ඊට නිර්දේශ වූ නිර්මාණ අතර All Quiet on the Western Front, Avatar: The Way of Water, The Banshees of Inisherin Elvis, The Fabelmans, Tár, Top Gun: Maverick, Triangle of Sadness - Women Talking නම් වී තිබුණා.

ඔස්කාර් හි දී මෙවර හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි කරගත්තේ ද Everything Everywhere All at Once සිනමා පටයේ රංගනයෙන් දායක වූ Jamie Lee Curtis විසින්. ඒ සඳහා නිර්දේශ වූ සෙසු නාම අතර Angela Bassett - Black Panther: Wakanda Forever, Hong Chau - The Whale, Kerry Condon - The Banshees of Inisherin සහ Stephanie Hsu - Everything Everywhere All at Once චිත්‍රපටය සිටිනවා.

මෙවර හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේ Daniel Kwan සහ Daniel Scheinert ‍යි. එම සම්මානය ද හිමි වූයේ Everything Everywhere All at Once සිනමා කෘතිය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂක දෙපළටයි.

මේ අතර ඔස්කාර් සම්මානයක් දිනු ප්‍රථම ඉන්දීය ගීතයක් ලෙස මෙවර හොඳම ගීතය ලෙසින් සම්මානිත වූයේ නාටු නාටු ගීතය වෙනුවෙන්. එම සම්මානය Kaala Bhairava and Rahul Sipligunj ලබාගත්තා.

ඉන්දියාව සමග කරට කර ඔස්කාර් කිරුළ වෙනුවෙන් හොඳම චිත්‍රපට ගීතය බවට පත්වීමට තරග කරනු ලැබූ නිර්දිශ්ට නාම අතර Applause, Sofia Carson and Diane Warren (Tell It Like a Woman), Lift Me Up, Rihanna (Black Panther: Wakanda Forever), Hold My Hand, Lady Gaga (Top Gun: Maverick) සහ This is a Life, Son Lux (Everything Everywhere All at Once) නම් වී තිබුණා. 

 වසරේ Best original score සම්මානය හිමි වූයේ All Quiet on the Western Front වෙතයි. ඊට නිර්දිශ්ට නාම අතර Babylon, The Banshees of Inisherin, Everything Everywhere All at Once සහ The Fabelmans නම් කෙරුණා.

හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩ මෝස්තර නිර්මාණයට හිමි ඔස්කාර් සම්මානය හිමි වූයේ Darren Aronofsky අධ්‍යක්ෂණය කළ The Whale චිත්‍රපටය සඳහා යි.

ලෝක ප්‍රසිද්ධ වූ All Quiet on the Western Front, The Batman, Black Panther: Wakanda Forever සහ Elvis යන නිර්මාණ ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා. හොඳම ඇඳුම් මෝස්තරයට හිමි සම්මානය Black Panther: Wakanda Forever දිනාගත් අතර හොඳම කැමරා අධ්‍යක්ෂණය (සිනමාකරණය) All Quiet on the Western Front විසින් දිනා ගනු ලැබුවා.

මීට අමතරව තවත් ඔස්කාර් සම්මාන රැසක් දක්ෂයින් රැසක් දිනා ගනු ලැබූ අතර, එම ජයග්‍රහණ පහත පරිදි වෙයි...

Best original screenplay Everything Everywhere All at Once (winner)

Best adapted screenplay Women Talking (winner)

Best sound Top Gun: Maverick (winner)

Best film editing Everything Everywhere All at Once (winner)

Best production design All Quiet on the Western Front (winner)

Best visual effects Avatar: The Way of Water (winner)

Best international feature film All Quiet on the Western Front (winner)

Best animated feature Guillermo del Toro's Pinocchio - Guillermo del Toro, Mark Gustafson, Gary Ungar and Alex Bulkley (winner)

Best documentary feature Navalny (winner)

Best live action short An Irish Goodbye (winner)

Best documentary short The Elephant Whisperers (winner)

Best animated short The Boy, the Mole, the Fox and the Horse (winner)


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery