ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග

Galagoda Aththe Gnanasara Thero Law and Order Latest Headlines Sinhala news Arrest
By R.rishma Oct 05, 2026 07:01 AM GMT
Report

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියම වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ඉතිරි සිරදඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළේය.

අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.

කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ට නියම කර ඇති සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේය.