ඔස්ට්‍රේලියානු පිතිකරු කවාජාගේ සපත්තු ගලවන්නැයි ICC යෙන් තහනමක්.

Cricket International Cricket Council Sports
By Wayomi Dec 15, 2023 12:14 PM GMT
Report

ඔස්ට්‍රේලියානු පිතිකරු උස්මාන් කවාජා පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර පුහුණු සැසිවලදී පැලඳිපාවහන් යුගලය, තරග අතරතුරදී පැලඳීම ICC ය විසින් තහනම් කර තිබෙනවා.

ඒ, 'සියලු ජීවිත සමානයි' සහ 'නිදහස යනු මානව අයිතිවාසිකමක්' යනුවෙන් සටහන් කර තිබීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඔහුට පැන වූ එම තහනම හේතුවෙන් ඊයේ (14 ) ආරම්භ වූ දෙරට අතර පළමු ටෙස්ට් තරගය සඳහා අතෙහි කළු පටියක් පැලඳ ඔහු ක්‍රීඩා කළා.

කවාජා මෙලෙස පණිවිඩ සටහන් කළ පාවහන් පැලඳ පුහුණුවීම්වල නිරත වී ඇත්තේ,ගාසා තීරය ආශ්‍රිත ප්‍රදේශයේ යුදමය වාතාවරණය හේතුවෙන් පීඩාවට පත් මිනිසුන් වෙනුවෙන් හඬ නැගීමේ අරමුණින්.

ඔස්ට්‍රේලියානු පිතිකරු කවාජාගේ සපත්තු ගලවන්නැයි ICC යෙන් තහනමක්. | Order From Icc To Remove Khawaja S Shoes

මෙම සිදුවීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් කවාජා " මම මගේ සපත්තුවේ ලියා ඇති දේ දේශපාලනික නැහැ. මම පැත්තක් ගන්නේ නැහැ. මට මනුෂ්‍ය ජීවිත සමානයි. එක යුදෙව් ජීවිතයක් එක මුස්ලිම් ජීවිතයකට සමානයි. එක හින්දු ජීවිතයකටත් සමානයි. මම කතා කරන්නේ හඬක් නැති අය වෙනුවෙන්." යනුවෙන් පවසා තිබෙනවා.

එමෙන්ම ICC ය සිය පාවහන්හි ඇති සටහන් දේශපාලනික ප්‍රකාශයක් ලෙස සලකා ඇති නමුත් තමන් එය විශ්වාස නොකරන බවත්, පවසමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙලෙසින්,

" එය මානුෂීය ආයාචනයක්. මම ඔවුන්ගේ මතයට සහ තීරණයට ගරු කරනවා, නමුත් මම එම තීරණයට එරෙහිව සටන් කර අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කරනවා"  

ඔස්ට්‍රේලියානු පිතිකරු කවාජාගේ සපත්තු ගලවන්නැයි ICC යෙන් තහනමක්. | Order From Icc To Remove Khawaja S Shoes