වත්තල හෝටලයකට පැන සිදු කළ මනුෂ්‍ය ඝාතනයේ සැකකරුවන් ඇල්ලූ මෙහෙයුම.(PHOTOS)
පසුගිය දා වත්තල හෝටලයක් තුළදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් සමග ඝාතනයට යොදා ගත් කඩුවක්, ඝාතනය සිදු කරන අවස්ථාවේදී හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිලිගෑම් 11514 ක පාර්සලයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනුනේ,CIDය විසින් බොරැල්ල ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු පලායාමට තැත් කිරීමේදී ඔවුන් අල්ලා ගෙන සිදු කළ පරික්ෂාවේදීයි.
එහිදී යතුරු පැදියේ අසුනයට බහාළුම තුළ මත්කුඩු පාර්සලයක් තිබී හමුවීමෙන් අනතුරුව මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කර තිබෙනවා.
එම අවස්ථාවේදී පසුගිය මස 28 වෙනි දින වත්තල පල්ලියවත, කාමෙල් මාවතේ හෝටලයක් තුළ සිදුවූ ඝාතනයක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.
පසුව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වැල්ලේ සාරංග සහ සේදවත්තේ කසුන් යන අයවලුන් සමගින් මෝදර නිපුණ සහ රජමල්වත්තේ චාමර යන අයවලුන් මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් කලක සිට ගැටුම් ඇතිකරගෙන ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම අපරාධය සිදුකර ඇති බවයි.
එමෙන්ම මෝදර නිපුණ සහ රජමල් වත්තේ චාමර යන අයවලුන්ගේ උපදෙස් මත හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේ ෂෙහාන් නමැත්තකු විසින් මෙම පුද්ගලයින් යොදවා ඝාතනය මෙහෙයවා ඇති බවද හෙලි වී ඇත.
එලෙස ඝාතනයට ලක් වූයේ,විශ්‍රාමික හමුදා නිලධාරියා වන මාතර සිරි රේවත පාර පල්ලගේ සේනපාල හෙට්ටිආරච්ච (58) යන අයයි.
ඒ, සේදවත්තේ කසුන් නමැත්තාට අයත් හෝටලය තුළදීයි.
කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ පුද්ගලයා කිසිදු පාතාල කල්ලියකට හෝ මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙක් නොවන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 21 හා 23 අතර පසුවන සත්හිරු සෙවණ මෝදර සහ මිහි ජය සෙවන කොළඹ 15 පදිංචිකරුවන් වන අතර ඝාතනය සඳහා යොදාගත් එක් කඩුවක් කොළඹ 15 මිහි ජය සෙවණ සැකකරුවකුගේ නිවසේ සඟවා තිබියදී සොයා ගැනුණා.
මෙම අපරාධය මෙහෙයවන ලද පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.