‘සින්දූර් මෙහෙයුම- පකිස්ථානයට මිසයිල ප්‍රහාර

Pakistan India Sinhala news
By Akash May 06, 2025 09:41 PM GMT
Report

‘සින්දූර් මෙහෙයුම’ අරඹමින් ඉන්දීය හමුදාව පකිස්ථානයට මිසයිල ප්‍රහාර එල්ල කළ ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

පකිස්ථානයේ සහ එරට පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන නවයකට ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය රජය සඳහන් ක‍ර තිබේ. පකිස්ථානයේ හමුදාව සඳහන් කර ඇත්තේ, ඉන්දියාව විසින් ස්ථාන තුනකට ප්‍රහාර එල්ල වී ඇති බව ය.

සීනිගම දේවාලය ඇතුලේ හමුවූ අමුතුම දේ

සීනිගම දේවාලය ඇතුලේ හමුවූ අමුතුම දේ

සුදුසු වේලාවක සහ සුදුසු ස්ථානයකදී මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථානයේ හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරය දශක ගණනාවක් පුරා පැවති කැරැල්ලකට මුහුණ දී ඇති අතර එමගින් දහස් ගණනක් ජීවිත බිලිගෙන තිබේ.