Onmax DT තැන්පත්කරුවන් හා මුදල් ගැන මහේස්ත්රාත්ගේ විශේෂ නියෝගයක්.
CID - Sri Lanka Police
Sri Lanka Police
Supreme Court of Sri Lanka
By Wayomi
" ඔන්මැක්ස් ඩී.ටී."තැන්පත්කරුවන් හා මුදල් සම්බන්ධයෙන් සියලු තොරතුරු කඩිනමින් රහස් පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඔන්මැක්ස් අධ්යක්ෂ මණ්ඩලයට ඊයේ නියෝග කරනු ලැබුවා.
ඒ, තැන්පත්කරුවන් 61210ගේ තොරතුරු යැයි කියමින් අධ්යක්ෂක මණ්ඩලය විසින් ලේඛන රැසක් රහස් පොලිසියට භාරදී ඇතත් ,එම ලේඛනවල ආපසු මුදල් ලබා දීමේ ක්රමවේදයක් සැකසීමට හැකි කිසිදු තොරතුරක් නොමැති බවට රජයේ නීතිඥවරයා කළ කරුණු දැක්වීම්වලින් අනතුරුවයි.
මෙහිදී තැන්පත්වරුවන්ගේ නම, ලිපිනය,තැන්පත් මුදල,හැඳුනුම්පත් අංකය,දුරකථනය අහංකය හා ඊමේල් ලිපිනය මෙසේ ලබා දීමට නියෝග කළ අතර එම තොරතුරු ලැබුණු වහාම මුදල් ලබාදීමේ ක්රමවේදය පිළිබඳ දළ සැලැස්මක් අධිකරණයට ඉදිරිපත් කරන බවද රජය නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා කරුණු දක්වමින් කියා සිටියා.