‘ONMAX DT’ සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්න..ගිනුම් වලට සිදුවූ දේ..
පිරමීඩ ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන ‘ONMAX DT’ පෞද්ගලික ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින් හය දෙනෙකුගේ බැංකු ගිණුම් අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඇස්තමේන්තු කර ඇති පරිදි මෙම ගිණුම්වල මුළු තැන්පතු රු. මිලියන 790 කි. මීට අමතරව සමාගමට සම්බන්ධ ගිණුම් 95ක් අධිකරණය විසින් අත්හිටුවා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය විසින් අධිකරණය හමුවේ කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙනයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ඇත්තේ.
ඒ අනුව, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාෂාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික හා ධනංජය ගයාන් යන අයගේ විදෙස් ගමන් මෙලෙස තහනම් කර ඇත.
ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ, මෙම සමාගම හරහා ඩොලර් කෝටි දහයකට අධික මුදලක් ගණුදෙනු වී ඇති බවත්, එහි සැකකටයුතු ගිණුම් ද වාර්තා වන බවයි.
මේ අතර, මෙරට ව්‍යාපාරිකයන් ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිණි තිළිණි ප්‍රියමාලීට සහ එම මුදල් ලබා ගැනීමට ආධාර අනුබල දුන් බව කියන ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සොයිසා සිරිවර්ධනට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබේ.
විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, රාජකාරි කටයුත්තක් සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය බවට සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.