ජර්මනියට දැඩි රශ්මියෙන් මාරාන්තික ප්‍රහාරයක්: 9,800ක් ජීවිතක්ෂයට
Heat wave
Germany
Sinhala news
Puwath.lk
El Niño
By R.rishma
වසරේ මේ දක්වා ජර්මනියේ පැවති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 9,800කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව ජර්මනියේ රොබට් කොච් (RKI) සෞඛ්‍ය ආයතනය ප්‍රකාශ කර තිබේ.
අද (30) නිකුත් කළ වාර්තාවට අනුව, මියගිය පුද්ගලයින්ගෙන් බහුතරය වයස අවුරුදු 75 හෝ ඊට වැඩි වයස්ගත පිරිසක් වන බව සඳහන් වෙයි.
සතියක සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 ඉක්මවා පැවතීමත් සමඟ උෂ්ණත්වය ආශ්‍රිත මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව එම වාර්තාවේ දැක්වේ.
මේ අතර, ඉදිරි දිනවලදී ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවිය හැකි බවට අනාවැකි පළව ඇති අතර, ඒ හේතුවෙන් අධික උෂ්ණත්වය ආශ්‍රිත මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ජර්මන් සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.