ජූලි මාසයට අදාළ අස්වැසුම වැඩිහිටි දීමනා අද බැංකු ගිණුම් වෙත

Money Latest Headlines Sri Lanka Banks Aswasuma Sinhala news
By R.rishma Jul 31, 2026 03:44 AM GMT
Report

2026 ජූලි මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා අද (31) දින ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,638 දෙනෙකු සඳහා රුපියල් 3,108,190,000ක මුදලක් වෙන් කර තිබෙනවා. 

එසේම එහි දෙවන අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 77,324 දෙනෙකු සඳහා රුපියල් 386,620,000ක මුදලක් බැර කිරීමට නියමිතයි.

එබැවින් ප්‍රතිලාභීන් 698,962 දෙනෙකු වෙනුවෙන් ගෙවීමට නියමිත සමස්ත මුදල රුපියල් 3,494,810,000ක් වේ.

එම ප්‍රතිලාභීන්ට අද සිට තම වැඩිහිටි දීමනා අස්වැසුම බැංකු ගිණුම් හරහා ලබාගත හැකිය.