වහාම OnmaxDT ගිණුම් අත්හිටුවන්නැයි අධිකරණයෙන් නියෝගයක්..

Sri Lanka
By Aruna Apr 20, 2023 05:21 AM GMT
Report

ලොව ප්‍රධානම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Binance සමාගමට කොළඹ ප්‍රධාන වාණිජ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ මෙරට ලියාපදිංචි OnmaxDT පුද්ගලික සමාගමේ මුදල් තැන්පත් කර ඇති ගිණුම් අටක් මාස හයක කාලයකට වහාම අත්හිටුවන ලෙස දන්වමිනි.

මෙය ඇමරිකාවේ මූල්‍ය ආයතනයකට ශ්‍රී ලංකාවෙන් නියෝගයක් නිකුත් කළ පළමු අවස්ථාව වනවා.

Binance ක්‍රිප්ටෝ මුදල් ඒකක හුවමාරුවේ OnmaxDT පුද්ගලික සමාගමේ ආසන්න වශයෙන් රුපියල් කෝටි 43කට අධික මුදල් තැන්පත් වී ඇති බවට රහස් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමක් මත මෙම අත්හිවීෙම් නියෝගය නිකුත් කර ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now