ලොකු ලූණු සහ ටින් මාළු වලට අදාල වෙළද බද්දේ වෙනසක්..

By Sithumi Dec 04, 2022 05:50 PM GMT
Report

ලොකු ලූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කළ බවත් එම බදු සංශෝධනය මේ මස මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසනවා. 

 එම අමාතයංශය වැඩිදුරටත් සඳහන් කළේ සැප්තැම්බර් මස 22 වන දින සිට ලොකු ලූණු කිලෝවක් සඳහා පැනවූ රුපියල් 50ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10 ක් දක්වා පහළ දැමූ බවත් පසුගිය මැයි මස 18 වන දින ටින් මාළු කිලෝවක් සඳහා පැනවූ රුපියල් 100 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 දක්වා ඉහළ දැමූ බවයි.