අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල අඩු වෙයි

Food Shortages Onion Sri Lanka Sri Lanka Food Crisis
By Sithumi Nov 15, 2022 02:44 PM GMT
Report

ඊයේ දිනයට සාපේක්ෂ ව වෙළඳපලේ ලොකු ලූනු සහ රතු ලූනු මිල ගණන්වල සුළු අඩු වීමක් පෙන්නුම් කරනවා.

ඒ අනුව ආනයනික රතු ලූනු රුපියල් හතරකින් අඩු වී ඇති අතර, ලොකු ලූනු රුපියල් හතකින් අඩුවී ඇති බවයි දෛනික මිල ගණන් වාර්තා කරමින් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය සඳහන් කළේ.

ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් රුපියල් 270 ත්, 300 ත් අතර මිලකට පසුගිය දිනවල අලෙවි වූ අතර, අර්තාපල් මිලද ඉහළ මට්ටමක පවතින අතර, ආනයනික අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 220 ට අඩු අගයකින් සටහන් වද්දී දේශීය අර්තාපල් රුපියල් 300 ඉක්මවූ මිලකට මේ දිනවල අලෙවි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now