කෝටිපති ව්‍යාපාරිකයාගේ මළ සිරුර දිවයිනට..
මීට මාස 08කට පෙර ඉන්දුනීසියාවේ දී මිය ගිය ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබේ.
ඉකුත් ජනවාරි මස 17 දින ,කොළඹ-07 පදිංචි වී සිටි 41 හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතා අවුරුදු 04ක් වයසැති සිය දියණිය, බ්‍රසීල ජාතික බිරිඳ හා ඇයගේ මිතුරකු සමඟ ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබිණි.
මෙලෙස සංචාරය සඳහා පිටත්ව ගිය පසුත් ඔහු සෑම දිනකම ශ්‍රී ලංකාවේ සිටින සිය සහෝදරිය වෙත දුරකථන ඇමතුම් ලබා දීම සිදුකළ බව වාර්තා වෙයි.
නමුත් ජනවාරි 31 දින සිට ඔහු දුරකථන ඇමතුම් ලබා දීම නැවතීම නිසා, සහෝදරිය විසින් ඔවුන් නැවතී සිටි හෝටලය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මෙම ව්‍යාපාරිකයා පිළිබඳ සොයා බලන ලෙස දැනුම් දී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ හෝටල් සේවකයන්, ඔවුන් නැවතී සිටි කාමරය තුළ මිය ගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළසිරුර සොයා ගෙන තිබේ.
මළසිරුර මේ වනවිට මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.