මාළු අල්ලන්න මුහුදු ගිය සහන් පුතාට අවසානේ අරන් එන්න සිද්දවුනේ වෙන දෙයක්..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka Fisherman
                
                                                
                    Crime
                
                                                
                    Death
                
                                                
                    Murder
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    බේරුවල ධීවර වරායේ සිට සහන් පුතා 7 බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අතර සිදුවූ ආරවුලක් හේතුවෙන් එක් අයෙකු මියගොස් අනෙක් පිරිස තුවාල ලබා ඇති බව බේරුවල ධීවර පරීක්ෂක කාර්යාල ආරංචි මාර්ග වලින් තොරතුරු අනාවරණය වේ.
මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන, මාගල්කන්ද , රොක්කලන්ඩ් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එම්. කේ. චන්දන උපුල් නමැති පුද්ගලයෙකි .
මියගොස් ඇති පුද්ගලයාගේ මෘතදේහය බේරුවල ධීවර වරායෙන් මුහුදු සැතපුම් 180 ක් පමණ ඈත සිට බේරුවල ධීවර වරායට රැගෙන එමින් සිටින බවයි වාර්තාවන්නේ .
බේරුවල රේගුව පාරේ පදිංචි සුමනසිරි ප්‍රනාන්දු නමැති යාත්‍රාවේ හිමිකරු විසින් කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.  
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    