කාලගුණේට ලැබුණු කෝටියක දීමනා ගැන අහද්දී නිලධාරීන් අපබ්‍රංස දොඩවයි.

Sri Lanka Government Of Sri Lanka Department of Meteorology Weather
By Wayomi Nov 03, 2023 12:22 PM GMT
Report

 2022 වර්ෂයේදී ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කර නොගෙන නීති විරෝධී ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රුපියල් කෝටියකට වැඩි වටිනා දීමනා ලබා දී තිබෙනවා.

ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වන අතර අතිකාල හෝ නිවාඩු දින ආදී දීමනා ගෙවීම් කිරීමට කාලය පදනම් කර ගන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් කාලය තහවුරු කරගත යුතු බව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

ඒ , අනුව මේ සම්බන්ධයෙන් විගණන අංශ කළ විමසුමකදී එහි නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එකම වේලාවේ සේවය නිම කර පිට වීම සහ නැවත පැමිණීම සටහන් කිරීමට වේලා සටහන් යන්ත්‍රයේ පහසුකම නොමැති බවත්, වේලා සටහන් යන්ත්‍රය මිලදී ගත් ආයතනය සමඟ සාකච්ඡා කර එම පහසුකම ස්ථාපිත කිරීමට කටයුතු කරගෙන යන බවත්ය.