හෝමුස් සාකච්ඡාවට බාධා කළොත් ඕමානයට දැඩි ප්‍රහාර - ට්‍රම්ප්
Donald Trump
Latest Headlines
Sinhala news
Iran-US Conflict
By R.rishma
ඉරානය සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවලට ඕමානය බාධා කළහොත් එරටට දැවැන්ත බෝම්බ ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇති අතර, ඕමානය මැදිහත්වී සාකච්ඡාවලට බාධා කළහොත් දැඩි ප්‍රතිචාරයක් දක්වන බව ඔහු අවධාරණය කර ඇත.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් ඉරානය සහ ඕමානය අතර වෙනම සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකා ගමනාගමනය සම්බන්ධයෙන් අමෙරිකාවද වෙනම සාකච්ඡා පවත්වමින් සිටින බව සඳහන් වේ.