ඔලිවර් සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික නළුවෙකුට සුවිශේෂී සම්මානයක්...(VIDEO)

Gagana news Oliver Awards Hiran Abeysekera Royal Academy of Dramatic Art
By Subodha Apr 12, 2022 02:59 AM GMT
Report

වේදිකා නිර්මාණය සඳහා වන ඔලිවර් සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික නළුවෙකුට සුවිශේෂී සම්මානයක් හිමිකාරගෙන තිබෙනවා .

ඒ ලන්ඩනයේ රෝයල් ඇල්බර්ට් ශාලාවේ ඊයේ පැවති එම සම්මාන උළෙලේදී "Life of Pi" නිර්මාණය හොඳම නව නිර්මාණය සඳහා වූ සම්මානය හිමිකරගත්තේය.

නාට්‍යය නිර්මාණය කර ඇත්තේ යාන් මාර්ටෙල්ගේ බූකර් සම්මානය දිනූ කෘතියක් ඇසුරෙනි.

එහි ප්‍රධාන නළුවා ලෙස හිරාන් අබේසේකර රඟපා තිබෙනවා.

කතාවෙන් කියවෙන්නේ කොටියෙකු සමඟ සාගරය මැද ජීවිතාරක්ෂක බෝට්ටුවක අතරමං වූ යෞවනයෙකු ය.

එම රඟපෑම වෙනුවෙන් හිරාන් ට හොඳම නළුවාට හිමි සම්මානය හිමිවිය.

කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදී සිසුවෙක් වන හිරාන්, Royal Academy of Dramatic Art හි උපාධිධරයෙකි.

එහි උපාධිය හිමිකරගත් දෙවැනි ශ්‍රී ලාංකිකයා වන්නේ ඔහු ය.

මෙහිදී අබේසේකර සංවේදී කතාවක් සිදුකර තිබෙනවා.

 එහිද ඔහු පවසා ඇත්තේ “දැන් දුෂ්කර කාලයක් ගත කරමින් සිටින බව මම ඔබ ගැන සිතමි, මම ඔබ සමඟ සිටියා නම් ප්‍රාර්ථනා කරමි , මචං මම උබලට ආදරෙයි  ජයවේවා ". යනුවෙනි

ඔහු සම්මාන ලබන විඩියෝව පහතින්

දර්ශන අයිතිය - C L e F 90


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now