හෙට සිට තෙල් ගැටළුව විසදෙයි?...රටටම සුබ ආරංචියක්...

Ceylon Petroleum Corporation Sri Lanka Kanchana Wijesekera
By Aruna May 28, 2022 11:51 PM GMT
Report

සති දෙකකට ප්‍රමාණවත් ඉන්ධන තොග මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

කෙසේවෙතත් නිසි කළමණාකරණයෙන් යුතුව පවතින තොග නිකුත් කරන බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අතර හෙට සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ඉන්ධන නිකුත් කිරීමට හැකි වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉකුත් 25වනදා මෙරටට පැමිණි බොරතෙල් නෞකාවට මුදල් ගෙවීම සඳහා දින 33ක පමණ කාලයක් ගත වුණා.

ඒ අනුව මෙම නෞකාව සඳහා ප්‍රමාද ගාස්තු ලෙස දෛනිකව අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ 20,000ක මුදලක් ගෙවිය යුතු බවටයි වාර්තා වුණේ.

ඒ සම්බන්ධයෙන්ද ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා ගෙන් විමසීමක් කළා.

කෙසේවෙතත් ඊයේ දිනයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබුණා.

පසුව කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ, ඊයේ දිනයේ පිරවුම්හල්වලට ඩීසල් නිකුත් කර නොමැති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now