අදයි හෙටයි තෙල් පෝලිමේ ඉන්න එපා..වහාම ගෙදර යන්න..සිපෙට්කෝ දැනුම් දෙයි..
Sri Lanka
Diesel
Oil problem
By Aruna
ඊයේ (29) සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කළා.
එනිසා 30-31 එනම් අද හා හෙට ඩීසල් ගැනිම සදහා පිරවුම්හල්වල පෝලිමේ නොසිටින්නැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාතාව ජනතාවට දන්වා සිටී.
එසේ වුවද අත්‍යවශ්‍ය සේවාවන් සඳහා උවමනා කරන ඩීසල් අඛණ්ඩව සපයන බවද සංස්ථාව පවසයි. නමුත් පෙට්‍රල් බෙදා හැරීම කිසිදු හිඟයකින් තොරව සාමාන්‍ය පරිදි සිදුකරන බවද සංස්ථාව තව දුරටත් අවධාරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |