යළි තෙල් මිල අඛණ්ඩව ඉහළ යයි..හේතුව මෙන්න..

Fuel Price In Sri Lanka Fuel Price In World World
By Aruna Jan 27, 2024 04:06 AM GMT
Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේත් ඩොලර් 80 සීමාව ඉක්මවා ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 83.55 ක් ලෙසයි සටහන් වූයේ.

පසුගිය දින කිහිපය තුළ ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලෙහි අඛණ්ඩව ඉහළයාමක් පෙන්නුම් කරමින් පවතිනවා.

මීට හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, රතු මුහුදේ ගැටුම් සහ භූ දේශපාලනික අවදානම් තත්වයන් මෙලෙස මිල ඉහළ යාමට හේතුවී ඇති බවයි.

කෙසේ වෙතත් දෙසැම්බර් 26 වනදායින් පසු තවමත් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඩොලර් අසූවේ සීමාව ඉක්මවා නොගිය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ලෝක වෙළඳ පොළේ බොර තෙල් මිලෙහි සිදු වන අඛණ් ඉහළ යාම නිසා එහි බලපෑම මත මෙරට ද ඉන්ධන මිල යළි ඉහළ යෑමක් සිදු විය හැකි බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.

නමුත් පසු ගිය කාලයේ මෙරට තෙල්මිල ඉහළ දැමුව ද පාරිභෝගික ජනතාවට මීට වඩා විශාල ගණනකින් ඉන්ධන අඩු මිලට ලබාදිය හැකි බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.

Sponsored By Sarrita Jewellery

යළි තෙල් මිල අඛණ්ඩව ඉහළ යයි..හේතුව මෙන්න.. | Oil Prices More World Market