යළි තෙල් මිල එකවරම ඉහළ යයි.. සටහන් වූ නව මිල ගණන් මෙන්න..

Fuel Price In Sri Lanka Sri Lanka Fuel Crisis Crude Oil Prices Today Fuel Price In World
By Aruna Feb 11, 2024 03:01 AM GMT
Report

සති අන්තය වනවිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුළු ඉහළ යාමක් වාර්තා වනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 82.19 දක්වා ඉහළ ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මේ අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඇමෙරිකානු ඩොලර් 76.84ක්ව පැවතුණා.

කෙසේවෙතත්, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය දින වල එනම් පෙබරවාරි දෙවනදා (02) වන විට ඩොලර් 1.50කින් පහළ ගොස් තිබුණා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 77.36ක් ලෙසයි.

පසුගිය ජනවාරි 30 වනදා වන විට ඩොලර් 80ව ඉක්මවා තිබූ ලෝක බොරතෙල් මිල පහත වැටීමක් පෙන්නුම් කළා.

මේ අතර, මේ වසර තුළ ගෝලීය බොරතෙල් ඉල්ලුම පෙර වසරට සාපේක්ෂව පැහැදිලි ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි, ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කර ඇත්තේ.

කෙසේවෙතත් ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් මිල මේ දින වල වැඩි වන පසුබිමක මෙරට ඉන්ධන මිලෙහි ඉදිරියේ දී තවත් වෙනසක් සිදු විය හැකියි.

බොරතෙල් මගින් විවිධ ඉන්ධන වර්ගයන් නිෂ්පාදනය කරන පසුබිමක ලංකාවේ ඉන්ධන වර්ග තුනක මිල ඉහළ දමා තවත් ඉන්ධන වර්ග කිහියක මිල පහල දැමීම ආන්දෝලනයට තුඩු දෙන කාරණයක් බවට පසුගියදා පත් වුණා.