ඉන්ධන මිල එකවරම ඉහළ නගී..ජනපති රනිල් ගෙන් ප්‍රකාශයක්..
ඊශ්‍රායලය හා පලස්තීන යුධ ගැටුම් හමුවේ ඊයේ(09) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව බොර තෙල් බැරලයක නව මිල ඩොලර් 86ක් ලෙස සටහන් වනවා.
යුධ ගැටුම් හමුවේ වුව ද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම මේ වන විටත් නොකඩවා සිදු වෙමින් පවතී.
ඊශ්‍රායලය - පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ල විය හැකි බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල කරමින් දීර්ඝකාලීන ඉන්ධන මිල ඉහළ යාමකට ඉඩ ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සඳහන් කළා.
ඒ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම් හේතුවෙන් බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ජනාධිපතිවරයා ඒ බව ඊයේ (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් සඳහන් කළා.
මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.L
එමෙන්ම ඔවුන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇත.