තෙල් මිල යළි වාර්තාගත ලෙස ඉහළ යයි..
Business Mobile
By Aruna
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට ගත වූ මාසයක කාලය තුල වාර්තා වන ඉහළම අගයට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙසයි.
අප්‍රේල් මස අගදී එය ඇමෙරිකානු ඩොලර් 107 ක මට්ටමේ පැවතුණා.
මේ අතර මෙරට ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිම් තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසනවා.
නමුත් කොළඹ නගර සීමාවේ බොහෝ ඉන්ධන පිරවුම්හල් අසල ද තවදුරටත් පෝලිමේ දැකිය හැකිය.
කොළඹ හා ආසන්න ප්‍රදේශයන්හි යම් ඩීසල් හිගතාවයක්ද මතුවී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |