තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ යයි..ඉදිරියේදී විශාල ප්‍රශ්නයක්.
Business
World market
Oil prices more
Yurope
By Aruna
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළයමින් පවතිනවා.
ඒ, යුක්‍රේන යුද වාතාවරණය, මැද පෙරදිග දේශපාලනික අස්ථාවර භාවය හා ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන්.
ඉකුත් සතියේ ඩොලර් 81 ක්ව පැවති බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 91 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉකුත් ජනවාරි මාසයේදී වාර්තා වූ මිල, වසර 30කදී ලෝක බොර තෙල් වෙළෙඳපොළෙහි වාර්තා වූ වැඩිම මිල ලෙසයි හැදින්වූයේ.
ඊයේ වැඩිවූ මිලත් සමඟ ජනවාරි මාසයේදී පමණක් බොර තෙල් මිල සියයට 17 කින් වැඩිවී තිබීම කැපී පෙනෙන තත්ත්වයක්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉදිරියේදී බොරතෙල් බැරලයක මිල ඩොලර් සියය ඉක්මවනු ඇති බවටයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |