යළි තෙල් මිල එකවරම පහළ යයි.. සටහන් වූ නව මිල ගණන් මෙන්න..
Crude Oil Prices Today
Businessman
Fuel Price In World
World
By Aruna
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (02) ඩොලර් 1.50කින් පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 77.36ක් ලෙසයි.
පසුගිය ජනවාරි 30 වනදා වන විට ඩොලර් 80ව ඉක්මවා තිබූ ලෝක බොරතෙල් මිල ගත වූ දින 3 තුළ පහත වැටීමක් පෙන්නුම් කළා.
මේ අතර, මේ වසර තුළ ගෝලීය බොරතෙල් ඉල්ලුම පෙර වසරට සාපේක්ෂව පැහැදිලි ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි, ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කර ඇත්තේ.
කෙසේවෙතත් ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් මිල අඩු වන පසුබිමක මෙරට පසුගියදා ඉන්ධන මිලෙහි ඉහළ යෑමක් සිදු විය.
බොරතෙල් මගින් විවිධ ඉන්ධන වර්ගයන් නිෂ්පාදනය කරන පසුබිමක ලංකාවේ ඉන්ධන වර්ග තුනක මිල ඉහළ දමා තවත් ඉන්ධන වර්ග කිහියක මිල පහල දැමීම ආන්දෝලනයට තුඩු දෙන කාරණයක් බවට පත්ව තිබේ.