තෙල් මිල යළි එකවරම පහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න..

Fuel Price In Sri Lanka Crude Oil Prices Today Fuel Price In World
By Aruna Nov 26, 2023 03:46 AM GMT
Report

ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක මිලේ පහළ යෑමක් මේ වනවිට පෙන්නුම් කරමින් පවතිනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සති අන්තයේ සටහන් වී තිබුණේ ඩොලර් 80.58ක් ලෙස බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

තෙල් මිල යළි එකවරම පහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.. | Oil Prices Lost

මේ අතර, ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල 2%කින් පමණ පහළ ගොස් ඇති අතර, එම බැරලයක මිල මේ වනවිට සටහන්ව ඇත්තේ ඇමරිකානු ඩොලර් 75. 54 ක් ලෙසයි.

මේ අතර, චීන රජයට අයත් සයිනොපෙක් සමාගම මගින් මෙරට තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා ගෙනආ යෝජනාවට හෙට දින (27) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවෙතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

තෙල් මිල යළි එකවරම පහළ යයි..සටහන් වූ නව මිල ගණන් මෙන්න.. | Oil Prices Lost

ඒ සඳහා කෙරෙන ආයෝජනය ඩොලර් බිලියන 4.5ක් බව සඳහන් වෙයි.

පසුගිය අගෝස්තු මාසයේදී ඒ සඳහා යෝජනා කැඳවූ විට චීනයේ සයිනොපෙක් සමාගම සහ Vitol සමාගම තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කර තිබුණි.

නමුත් පසුව Vitol සමාගම එම ක්‍රියාවලියෙන් ඉවත්වී තිබුණා.