තෙල් මිල එකවරම පහළ යයි..ලබන සතියේ සිට ඉන්ධන කෝටාවත් වැඩි වෙයි..
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් පවතිනවා.
පසුගිය 10 වනදා ඩොලර් 97 ඉක්මවූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ(15) සටහන් වූයේ ඩොලර් 91 යි ශත 63 ක් ලෙසයි.
ඩබ්ලිව් ටී අයි බොරතෙල් මිල ද ඩොලර් 4කට ආසන්න අගයකින් පහත වැටුණා.
මේ අතර අවසන් වාර්තාව ජනපතිට සහ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසු දෙසැම්බර් මාසයට පෙර විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමට අපේක්ෂා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, සෑම මසකම 15 වනදා සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් ද එහිදී අමාත්‍යවරයා අදහස් පල කළ අතර ඔහු කියා සිටියේ, ඉන්ධන ආනයනයේදී කිසියම් සහනයක් මේ වනවිට ලැබෙන බවයි.
එමෙන්ම, ත්‍රිරෝද සඳහා දැනට පවතින කෝටාව ලබන සතියේ සිට වැඩි කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.
ගල් අඟුරු සහ බොරතෙල් ආනයනයේදී වංචා සිදුවූ බවට චෝදනා එල්ල කළ පාර්ශවයන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව ද එහිදී ඔහු කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |