තෙල් මිල යළිත් ඉහළ යයි..විදුලි ප්‍රශ්නයත් උග්‍රවෙයි?..
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කිරීම ලබන 30 වන දා දක්වා කල් යාහැකි බව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.
එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, බොරතෙල් ලැබීම ප්‍රමාද වීම ඊට හේතුව බවයි.
නැගෙනහිර යුරෝපයේ සහ මැදපෙරදිග භූ දේශපාලනික උණුසුම හේතුවෙන් ලෝක වෙළදපොළේ තෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 86යි ශත 75ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 83යි ශත 65 ක් ලෙසින්.
මේ අතර, විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා කොළඹ වරායේ පැවති ඉන්ධන නෞකා දෙක නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මහ බැංකුව ලබා දුන් බව, විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියා සිටියා.
ජනාධිපතිවරයා සමඟ ඊයේ (24) දින පැවති සාකච්ඡාවේ දී උපදෙස් ලබා දී තිබුණේ, විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසටයි.
එහෙත් මාලඹේ, මහරගම, හෝමාගම හා පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ පස්වරුවේ හදිසියේම විදුලිය බිඳ වැටුණා.
එසේම, අද පෙරවරුවේ ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවල විදුලිය බිඳ වැටීම් වාර්තා වූ අතර ඒවා හදිසි බිඳ වැටීම් බවයි, විදුලි ඉංජිනේරු සංගමය කියා සිටියේ.
විදුලිය කප්පාදු කරන බවට ප්‍රකාශ නිකුත් කළ විදුලි ඉංජිනේරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි, විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |