තෙල් මිල එක වර හදිසියේම වෙනස් වෙයි..නව මිල මෙන්න.

Fuel Price In World
By Aruna Dec 22, 2022 11:31 PM GMT
Report

එක්සත් ජනපද කලාපයේ පවතින ශීත කාළගුණ තත්වයත් සමඟ යළි ලෝක වෙළදපලේ බොරතෙල් මිල ඉහළ යමින් පවතිනවා.

පසුගිය සතියේ ඩොලර් 79 දක්වා අඩුවුණු බොරතෙල් මිල ඊයේ(22) වන විට ඩොලර් 83 ඉක්මවා තිබුණා.

උතුරු ඇමරිකානු කලාපයට බලපා හැකි හිම කුණාටු තත්වයන් සමඟයි බොරතෙල් මිල මෙලෙස ඉහළ යාම ආරම්භ වුණේ.

වසර 40 කින් එළැඹෙන සීතලම නත්තලට මෙවර එක්සත් ජනපදය මුහුණ දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර කොවිඩ් තත්වයෙන් පසු චීනය නැවත විවෘත වීමත් සමඟ ලබන වසරේදී බොරතෙල් මිල ඩොලර් 120 දක්වා ඉහළ යන තත්වයක් මතුවිය හැකි බවද විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now