සතියට දින දෙකක් වැසෙන කාර්යාල ගැන දැනුම්දීමක්.. එම දින 02 මෙන්න.

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna May 31, 2022 06:20 AM GMT
Report

නැවත දැනුම්දෙන තුරු සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්‍යය මණ්ඩලය රාජකාරි සඳහා ගෙන්වීමේ ක්‍රමවේදයෙහි වෙනසක් කොට තිබෙනවා.

ඒ අනුව 2022 මැයි 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්‍යය මණ්ඩලය රාජකාරි සඳහා වාර්තා කළ යුත්තේ සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනයන්හි පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසා ඇත.

එම දිනයන්හි කාර්යාල වේලාවන් සදහන් කර තිබෙන්නේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා වන අතර ඒ දිනයන්හි කාර්යාල මණ්ඩලය කාර්යාලයේ සිට වැඩ කල යුතු බව දන්වා ඇති බවට වාර්තා වේ.

අනෙකුත් දින දෙක වන අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනයන්හි උදේ 8.30 සිට සවස 4.15 දක්වා කාර්‍යය මණ්ඩලය නිවසේ සිට වැඩ කළ යුතු බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර ඇත.

එබැවින් සේවා දායකයන් හට අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAASL) කාර්යාල වෙත නොපැමිණෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now