අපට හිසරදයක් වූ රැහැයියාගේ විලාපයේ සැඟවුණු රහස. (PHOTOS)
පොඩි බබෙක් නොනවත්වා අඬද්දී අපි කියන්නේ රැහැයියෙක් වගේ බෙරිහන් දෙනවා කියලනේ. අත්තටම රැහැයියෙකුගේ ශබ්දය කියන්නේ අපිට අහගෙන ඉන්න බැරි අප්‍රස්සන ශබ්දයක්.හරිම හිසරදයක් නේද? හැබැයි ඔබ දන්නවද රැහැයියා ඒ විදිහට ශබ්ද කරන්නේ ඇයි කියලා.
? රැහැයියන් එහෙම ශබ්ද කරන්නේ ඔවුන්ගේ ගැහැණු සතුන් ආකර්ෂණය කර ගැනීමෙන් අදිටනින්.අපිට ඒක අහන් ඉන්න බැරි වුණාට. ගැහැණු සතුන්ට නම් ඒක ගොඩක් මිහිරියි.
? රැහැයියා එයාගේ ශරීරයට වඩා දිග පූර්ව පියාපත් යුගලයක් සහිත අපර පියාපත් නොමැති සේම හිස දෙපසට වන්නට පිහිටි ඇස් යුගලය ඉතා කුඩා ස්පර්ශක යුගලකින් සමන්විතයි.
? මේ රැහැයියෙකුගේ ලක්ෂනය.බිත්තර,ශිශුවා සහ සුහුඹුලා මේ රැහැයියාගේ ජීවන චක්‍රයේ ප්‍රධාන අවධි තුනයි.
? රැහැයියෙකු මෙලෙස විශාල ලෙස ශබ්ද නගා පසුව පැලී මිය යන බව සමහරු කියනවා.
? එහෙම කියන්න හේතුවක් තියෙනවා, රැහැයියකු ගස්වල කදන් මතුපිට බිත්තර දැමුවද ඉන් පිටතට පැමිණෙන ශිශුවා පොලව තුලට වැදී ගස් වල මුල් යුෂ උරාබොමින් භෞමික ජීවිතයක් තමයි ගෙවන්නේ. මේ කාලය බොහෝ දීර්ඝ කාලයක්. වසර 17 වගේ වෙන්නත් පුළුවන්.
? කාලය ඇවෑමෙන් පසෙන් මතුපිටට ගසේ කද දිගේ පැමිණෙන ශිශුවා තමන්ගේ ශිශුවා අවධියෙන් සුහුඹුලා ලෙස පරිවර්තනය වෙනවා. ශිශුවාගේ ශරීරය පැලී හැවය ගස තුල රදවා සුහුඹුලා පියාපත් සහිතව පිටතට පැමිණේ.පැලී ඇති ශිශුවාගේ හැවය දකින විට සමහරු හිතන්නේ පැලී මියගොස් ඇති බවයි.
? නමුත් අවාසනාව නම් මේ කරදරකාරී කුඩා ප්‍රේමවන්තයා බොහෝ කලක් පොලවේ සිට මතුපිටට පැමිණ ඒ ගායනා කරන්නේ ඔහුගේ අවසන් දින කීපයේ අවසන් ගීතයයි.
? සමහර විට සුහුඹුලාගේ දිවිකාලය සති 4ක් හෝ 06ක්.වසර ගණනාවක් පොලවේ සිට මතුපිටට පැමිණ සිය ප්‍රේමණීය ගායනයෙන් බිරිදක් සොයාගෙන ඇය හා සංවාසයෙන් පසු පරපුරකට ජීවය දී මේ සුහුඹුලා දින කීපයකින් අවසන් ගමන් යනවා.
? ඒ වගේම මේ රැහැයියාගේ කනට අමිහිරි ප්‍රේම ගීතය ඔහු විසින් සිදුකරන්නේ තමන්ගේ කටින් නොව සිරුරේ ඇති තාත රජ්ජුව නම් අවයවය සමඟ මාංශ පේශීන් එකට ගැටීමෙන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |



