ටයිටැනික් නැව සොයා ගිය සබ්මැරීනයේ නවතම තත්ත්වය..ආයුකාලය තව පැය 20ටත් අඩුයි.(PHOTOS)
මුහුදුබත් වූ ටයිටැනික් නැව සොයා ගිය කණ්ඩායමකට සිදුවූ ව්‍යසනය පිළිබඳව මේ වන විට ලොවම කතා වෙන්නට පටන් ගෙන තිබෙනවා.
මේ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සංවේදී සටහනක්.
ඔවුන් පිටත් වුනේ ඉරිදා උදේ 8.00ට නැවත ඒමට තිබුනේ එදිනම සවස 3.00 ට.
ඔවුන් ගමන් කරේ මුහුදු මට්ටමේ සිට අඩි 13,000ක ගමනාන්තයකටය.
සබ්මැරීනය තුල වැසිකිලි පහසුකම් කිසිවක් නොමැත. අඩි 13,000ක ජල කඳක් යටදී සබ්මැරීනයේ විදුලි සැපසුම් පද්ධතිය සම්පුර්ණයෙන්ම ඇණහිටියේ නම් එය නැවත සකස් කර ගැනීමට තරම් දැනුම සහිත විශේෂඟයන් දෙදෙනෙකුම කණ්ඩායම තුල සිටින නමුත්..
ඔවුන්ට ආහාර ජලය නොමැතිව අමතර විදුලි පන්දම් වල ආලෝකයද නොමැතිව ගොස් නම් ඔවුන් මේ වන විට සිටින්නේ ශිශිරතාරක කළු පැහැති ලෝකයකය..
කෙටියෙන් කීවොත් කෑලි කැපිය හැකි කළුවරකය. ඔවුන්ට දැන් කිසිවක් කල නොහැක.
යුධ සබ්මැරීනයක නම් සාමාන්‍යයෙන් පිටතට පැමිණිය හැකි නමුත් මෙම සබ්මැරිනය තුල එම පහසුකම තිබේදැයි සැක සහිත බව විශේෂඟයන් පවසයි.
කෑලි කපන කළුවරක ඔවුන් කුමක් කරන්නද ??
බ්‍රහස්පතින්දා සවස වන විට ඔක්සිජන් සැපයුම අවසන්. මිනිසා දෙවියන් විශ්වාස කරන්නේ මෙන්න මෙවැනි අවස්ථාවලය.
ආගමික විශ්වාස බිහි වු ආකාරය දැන් ඔබට පැහැදීලිද සිරවී සිටින මනුෂ්‍යන්ව බේරා ගැනීමට ලැබේවා. ????
උපුටා ගැනීමක්: