අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ අවසන් කටයුතු ගැන දැනුම්දීමක්...

Sri Lanka
By Sewvandhi Dec 09, 2022 01:22 PM GMT
Report

ලාංකීය සංගීත ක්ෂේත්‍රය අස්වැද්දු ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන එකොළොස් වැනි ඉරිදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ඒ ඔහු පදිංචිව සිටි අංක 92, නාලන්දාරාම පාර, පතිරගොඩ, මහරගම යන ලිපිනයෙහි පිහිටි නිවසේදියි. එදින පස්වරු 6ට ගොඩිගමුව පොදු සුසාන භූමියේ දී නුවන් ගුණවර්ධනයන්ගේ ආදාහන කටයුතු සිදු කෙරෙන බව ද පවුලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

"කඳුළින්ම ගැයූ"‍, "කිරි මුහුදු වෙරළේ" වැනි ජනප්‍රිය ගී රැසක් සහෘද රසිකයාගේ රසවින්දනයට තිළිණ කළ මෙම ජනප්‍රිය ගායකයා ඊයේ දිනයේ දී අභාවප්‍රාප්ත වන විට 73 වැනි වියෙහි පසුවුණා.

ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටියදියි ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වූයේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now