හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැ අගමැති උපදෙස්...
Ministry of Education
Sri Lanka Parliament
Mahinda Rajapaksa
By Subodha
ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ජාතික හෙද විද්‍යාලයක් ආරම්භ කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබුණා.
තමන් විසින් මීට පෙර යෝජනා කළ පරිදි හෙද අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් උපාධියක් ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
දැනට දිවයින පුරා හෙද විද්‍යාල 17 ක් තුළින් හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට එක්වන අතර, සේවා අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක හෙද අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |