හෙද සේවයේ විශ්‍රාම වයස ගැන අධිකරණයෙන් විශේෂ ආඥාවක්..!
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sewvandhi
අභියාචනාධිකරණය විසින් රජයේ හෙද සේවයේ ශ්‍රේණි හතරක හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබේ.
මේ යටතේ දැනටමත් විශ්‍රාම ගන්වා තිබෙන අදාළ ශ්‍රේණිවල නිලධාරීන් යළි සේවයට එක්කර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය දුන් නියෝගයේ සඳහන් වුණි.
මෙම තීන්දුව ලබා දුන්නේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.