සංගීත ප්‍රසංගයක් අතරතුරදී 30ක් ක්ලාන්තව ඇද වැටෙයි - වහාම ප්‍රසංගය අත්හිටුවයි..!(PHOTOS)

South Korea
By Sewvandhi Nov 05, 2022 04:00 PM GMT
Report

ප්‍රසිද්ධ කොරියානු සංගීත කණ්ඩායමක් වන එන්.සී.ටී 127 සංගීත කණ්ඩායම ඉන්දුනීසියාවේ පැවැත්වූ සංගීත සංදර්ශනයක් අතරතුරදී පුද්ගලයින් 30 දෙනකු පමණ ක්ලාන්ත වී ඇද වැටීම හේතුවෙන් එම සංගීත සංදර්ශනය අතරමග නවතා දැමීමට සංවිධායකවරුන්ට සිදුව තිබේ.

ප්‍රේක්ෂකයන් වේදිකාවට සමීප වීමට උත්සහ කිරීමේදී ඇති වූ තෙරපීම හේතුවෙන් මෙම පිරිස ක්ලාන්ත වී ඇත.

ජකර්තා නුවර ආසන්නයේ පැවති සංගීත සංදර්ශනයේදී ගායක කණ්ඩායම ඔවුන්ගේ සමරු නොමිලේ වේදිකාවේ සිට විසි කිරීමට පටන් ගත් අවස්ථාවේ ප්‍රේක්ෂකයන් කලබල වී වේදිකාවට සමීප වීමට උත්සහ දරා ඇත.

එන්.සී.ටී සංගීත කණ්ඩායම ප්‍රේක්ෂකයන් හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබේ.

අමතක නොවන අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට අවශ්‍ය වුණත් ඔවුන් ආත්මාර්ථකාමී ලෙස හැසිරුණු බව එන්.සී.ටී සංගීත කණ්ඩායම ප්‍රකාශ කර ඇත


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery