පත් වුණ ගමන් NPP ප්‍රා.ස සභාපති ඉල්ලා වෙයි

Sri Lanka Politician National People's Power - NPP Sinhala news Breaking News Colombo politics heat up
By Shehan Jun 20, 2025 11:37 AM GMT
Report

බලංගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් සභාවට තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ.

ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමක් ලබාදී ඇති බව පවසයි.

කෙසේ වෙතත් මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ශවික හේතු කිහිපයක් හේතු කොට ගනිමින් බව ද ඔහු විසින් පසුව සදහන් කර ඇත.

ඒ අනුව මෙම ඉල්ලා අස්වීමත් සමඟම පුරප්පාඩු වූ සභාපති ධුරය වෙනුවෙන් නව පත්කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතාගේ නියමය මතයි. ඒ අනුව අඳාළ තනතුර සඳහා ගමඇතිගේ ආරියදාස මහතා නව සභාපතිවරයා ලෙස තේරී පත් කර ඇත.

එසේම අඳාළ පත්කිරීම සම්බන්ධයෙන් නිල වශයෙන් තහවුරු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

එමඟින් නව සභාපතිවරයාගේ පත්කිරීම ක්‍රියාත්මක වී තිබේ.

ගමඇතිගේ ආරියදාස මහතා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන ක්ෂේත්‍රයේ සක්‍රිය පුද්ගලයෙකු ලෙස සැලකෙන අතර, ඔහුගේ නායකත්වය යටතේ බලංගොඩ ප්‍රාදේශීය සභාවේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනු ඇති බව බලාපොරොත්තු වේ.