අයිෆෝන්ස් සම්බන්ධයෙන් යුරෝපා කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්..
iPhone
By krishani
යුරෝපීය කොමිසම විසින් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක් කර ඇත.ඒ යුරෝපයේ විකුණන අයිෆෝන්ස්වල කනෙක්ටර් වෙනස් කළ යුතු බවටයි.
ඒ අනුව 2024 වනවිට සියලුම වර්ගවල ජංගම දුරකථන, ටැබ්ලට් සහ කැමරා සඳහා එක හා සමාන "charging port" ඇති කළ යුතුය.
එමගින් පාරිභෝගිකයින්ගේ කටයුතු පහසුවන බවත් සමාගම් ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත්වීම නිසා තමන් ඊට මැදිහත් වූ බවත් යුරෝපීය කොමිසම පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |