දරුවන් සම්බන්ධයෙන් කළ යුතුම දෙයක් ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න - අනිවාර්යයෙන් මේ දේ කරන්න.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා විසින් දරුවන් සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේ ය.
ඒ දරුවන් පාලනය කිරීමට නොහැකි අවස්ථාවකදි පොලිසියේ සහය ලබා ගන්නා ලෙසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දරුවන්ගේ භාරකාරත්වයට දැනුම් දෙනු ලබන්නේ, දරුවන් පාලනය කිරීම සඳහා දැඩි ක්‍රමවේද අනුගමනය කිරීමෙන් වින්දිතයෙකු බවට පත්වීමට ඉඩ ඇති බවයි.
මේ අතර, ඊයේ (04) කල්මුණේ ප්‍රදේශයේ පරිවාස ළමා නිවාසක සිටි 17 හැවිරිදි දරුවෙකු මියයාම සම්බන්ධයෙන් එහි පාලිකාව අත්අඩංගුවට ගැණින.
ඇයව ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ඒ ඊයේ පස්වරුවේ කල්මුණේ වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඇයව ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
එමෙන්ම, දරුවාගේ දේහය කොකුවිල් පොලිසිය ඉදිරිපිට රැගෙන විත් එහිදී මිය ගිය 17 හැවිරිදි දරුවාට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ඥාතීන් විරෝධතාවක ද නිරත විය.
කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කළේ මියගිය 17 හැවිරිදි දරුවා පසුගිය 16 වැනිදා සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි.