දිගන සහ මැණික්හින්නට පැය 48ක ජල කප්පාදුවක්
Water Cut
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
දිගන සහ මැණික්හින්න ප්‍රදේශ සඳහා පැය 48ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඒ අනුව, අද (23) පෙරවරු 8.30 සිට එළඹෙන 25 වනදා දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ සඳහන් වේ.
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම් අත්හිටුවීම සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.