ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයෙන් දැනුම්දීමක් - මේ දේත් ඔබ අනිවාර්යයෙන්ම කරන්න.
මේ වන විට මෙරටට බලපා ඇති පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන මෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.
එහිදී ගෘහාශ්‍රිත ජල සංරක්ෂණය කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
ඒ අනුව සාමාන්‍යයෙන් නිවසක මල්පැලවලට ජලය දැමීමේ දී හෝස් පයිප්පය භාවිතයේ දී විනාඩි 20කට ජල ලීටර 180 ක් පමණ වැය වේ.
එයට විසඳුමක් ලෙස එම කාලය තුළ ජලය ලීටර 60ක් පමණක් වැයවන සේ මල් බාල්දියක් භාවිත කළ හැකි බව ඔවුන් පෙන්වා දෙයි.
වාහන සේදීමට වතුර බටයක් භාවිත කිරීමෙන් ජලය ලීටර 135ක් පමණ අපතේ යන අතර භාජනයකට ජලය ගෙන භාවිත කිරීමේ දී වැයවන ජලය ප්‍රමාණය ලීටර 25 ක් දක්වා අඩුකරගත හැකි ය.
එමෙන්ම මුහුණ සේදීමේ දී කරාමය විනාඩි 05 ක් විවෘතව තැබීමෙන් ජලය ලීටර 45 ක් අපතේ යයි.
එයට විසදුමක් ලෙස කෝප්පයකට හෝ බේසමකට ජලය ගෙන භාවිත කිරීම තුළින් ජලය අපතේ නොයන බව එම මණ්ඩලය කියා සිටියේ ය.
තව ද එළවළු සේදීමේ දී කරාමය විනාඩි 05 ක් විවෘතව තැබීමෙන් ජලය ලීටර 45ක් අපතේ යන අතර භාජනයකට ජලය පුරවා සේදීමේ දී වැය වන්නේ, ජලය ලීටර 12ක පමණ ප්‍රමාණයක් ය.
ජලය පිර වූ ටැංකියකින් දිය නෑමේදී ජලය ලීටර 110 ක් පමණ වැය වේ.
නමුත් වතුර මලකින් දිය නෑමේ දී වැය වන්නේ ජලය ලීටර 40ක් පමණ ප්‍රමාණයක් බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.